iranama
ගුරු මාරුවෙන් උපදින අපලයට පිළියම්
ගුරු මාරුව රටටට කෙසේද?
සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ජුලි මස 14 අඟහරුවාදා මෙතෙක් ගමන් කළ කටක රාශියෙන්, සිංහ රාශියට මාරුවීමට නියමිතය. "ගුරු", "මන්ත්‍රී" ආදී නම් වලින්ද හඳුන්වන බ්‍රහස්පති පසුගිය වසරක කාලය කටක රාශියේ උච්ච බලයෙන් යුතුව ගමන් කළේය. මෙම ග්‍රහයා එක් රාශියක වසරක පමණ කාලයක් ගමන් කරන අතර සිංහ රාශියට ඇතුළුවන්නේ වසර දොළහකට පසුවය. මීට පෙර ගුරු සිංහ රාශියේ ගමන් කළ කාලය පහත පරිදි වේ.
1956 මැයි 22 1957 ජුනි 19
1967 සැප්. 14 - 1968 ඔක්. 12
1979 අගෝ. 29 - 1980 සැප්. 26
1991 අගෝ. 14 - 1992 සැප්. 11
2003 ජුලි 30 - 2004 අගෝස්තු 28
ගුරු ග්‍රහයා ශුභඵල දීමේදි අනෙකුත් ග්‍රහයන්ට වඩා ප්රමුඛ වුවද, ඒ සඳහා කේන්ද්‍රයේ සුබදායක භාවයක ගමන් කිරීමද අවශ්‍ය වේ. මේ අනුව කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රයේ ගුරු ගමන් කළේ උච්ඡම වුවද, හය වැන්නේ බැවින් එතරම් සුබඵල උදා කළේ නැත. එයට හේතුව හයවැන්නෙන් සතුරු හා රෝගාබාධ, ණය තුරුස් ආදිය පෙන්වන බැවිනි.
ගත වූ කාලයේ වෛරස රෝගවල වර්ධනයක් බලපෑ අතර මහජන සෞඛ්‍යයට විවිධ රෝගාබාධවලින් තර්ජනයන් ඇති වූ බව දුටිමු. එමෙන්ම දියවැඩියාව වැනි බෝ නොවන රෝග, වකුගඩු රෝග ආදියද මේ කාලය තුළ වර්ධනය වූ බවත් දුටිමු.
මේ අතර ජුලි 14 වැනිදා සිදුවන ගුරු මාරුව ලංකා කේන්ද්‍රයේ හත්වැන්නට වන බැවින් විශේෂ සුබඵල අපේක්ෂා කළ හැකි වේ. ලෝකායන කේන්ද්‍රයක හත්වන භාවයෙන් විදේශ සම්බන්ධතා, විවාහ, ආනයන අපනයන කටයුතු පිළිබඳව කියනු ලැබේ. එබැවින් මෙම අංශවල කැපී පෙනෙන වර්ධනයක් 2016 අගෝස්තු 12 දින දක්වා ඇති වේ. මේ බව ගුරු සිංහයේ ගමන් කළ මෑත අතීතය දෙස බලන විට හා ඉහත සඳහන් සටහන දෙස බලන විට පෙනී යනවා ඇත.
ගුරු සිංහ රාශියේ ගමන් කළ 1956 - 57 කාලය මෙරට දේශපාලන පෙරළියක් සිදුවූ කාලයක් වන අතර රාජ්‍ය අංශයේ ව්‍යාපාර රාශියක් බිහිවූ කාලයක් ද වේ. එමෙන්ම 1967- 68 මෙන්ම 1979 - 80 වසරවල ද මහවැලි ව්‍යාපාරය මගින් ශීඝ්‍ර සංවර්ධනයක් හා රැකියා ප්රවර්ධනයක් ඇතිවූ කාලයකි. ගුරු සිංහ රාශියේ ගමන් කරන කාලය රටේ දේශපාලන ක්ෂේත්රයේ දී කැපී පෙනෙන වෙනස්කම් සිදුවනවා ඇත. එයද ගතවූ කාල පරිච්ඡේද අනුව සස
Wmqgd .ekSu